සෙවිළි තහඩු බෙදා දීමට තිබූ මුදල් වංචා කළැයි සැකපිට අත්අඩංගුවට ගත් උතුරුමැද පළාත් සභාවේ සභානායක ආනන්ද සරත් කුමාර රත්නායක අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් නදී ආකාශ් කුරේරා මහත්මිය විසින් ජුනි මස 15දා දක්වා රිමාන්ඩ් කැරිණි.
සෙවිලි තහඩු 530ක් බෙදා දීමට යැයි කියමින් රුපියල් ලක්ෂ 10ට ආසන්න මුදලක් වංචා කළැයි සැකපිට කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

