උතුරුමැද පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රී ජනක අධිකාරී මහතා කිසියම් පිරිසක් විසින් රඳවාගෙන සිටින්නේදැයි සොයා බලන ලෙස උතුරුමැද පළාත් නියෝජ්‍ය පොලිස්පති රන්ජිත් පද්මසිරි මහතා කැකිරාව පොලීසියට අද නියෝග කළේය. පවුලේ සමීප නෑයෙකුගෙන් පැමිණිල්ලක් ලැබී ඇත.
කැකිරාව පොලීසිය කළ පරීක්ෂණයේදී සොයාගෙන ඇත්තේ අසනීප තත්ත්වයෙන් පසුවන අධිකාරී මහතාගේ හිතවතුන් පිරිසක් කළක් තිස්සේ වෙද හෙද කම් කළ බවයි.
මෑතකදී ඔහුගේ සහෝදරියක පැමිණ අධිකාරී මහතා වෙනත් නිවසකට රැගෙන ගොස් වෙද හෙදකම් කළබව ද පොලීසිය පවයසයි.
දෙදෙනාම අවිවාහකයෝය.

