උතුරු මැද 207 කට පත්වීම්


(දයාරත්න ඇඹෝගම)

උතුරු මැද පළාතේ පවතින පුරප්පාඩු සඳහා පත්වීම 207ක් ප්‍රදානය කිරීමේ උත්සවය පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ දී අද (19) පැවැත්විණි.

මෙම පත්වීම් ලාභීන් සියළු දෙනා තනතුරු සඳහා බදවා ගනු ලැබුවේ පවත්වන ලද තරග විභාග වලින් ඉහළින්ම ලකුණු ලබාගැනීමෙන් අනතුරවය.

මෙහිදී රාජ්‍ය කළමණාකරණ සේවය සඳහා 71 දෙනෙකු ද , කෘෂිකර්ම උපදේශකවරුන් 43 දෙනෙකු ද, සත්ව සංවර්ධන උපදේශකවරුන් 26 දෙනෙකු ද, කෘෂි ව්‍යාප්ත නිලධාරීන් 29 දෙනෙකු, ගුරු සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා බෞද්ධ ධර්මාචාර්ය විභාගය සමත් 27 දෙනෙකු ඇතුළුව තවත් 27 දෙනෙකු ද මෙහිදී පත්වීම් ලැබූහ.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් එච්.එම්.පී. බණ්ඩාර, ආණ්ඩුකාර ලේකම්  ඒ.කේ.එන්. වික්‍රමසිංහ මහත්වරුන් ඇතුළු සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් රැසක් සහභාගි වූහ.