(රොමේෂ් මධුෂංඛ)
යුද්දෙන් පසුව උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ට ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ලබන ජූලි තරුණ සමුළුවක් පැවත්වීමට පියවර ගෙන ඇති බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා කියා සිටියේය.
ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ යාපනය පුස්තකාල ශ්‍රවනාගාරයේ දී දෙමළ ජනතා සභාවේ සාමාජික රැස්වීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී ප්‍රධාන අමාත්‍ය වරයා වැඩිදුරටත් කියා සිටියේ,
‘දෙමළ ජනතා සභාව මගින් සිදු කරන මෙම සියලු ක්‍රියාවන් දෙස දෙමළ ජනතාව බුද්ධියෙන් බැලිය යුතුයි අපි දේශපාලඥයින් සහ විවිධ පුද්ගලයින් එකතු කරගෙන යාමෙන් මේක දේශපාලන පක්ෂයක් වෙන්නේ නැහැ ඒ විදිහට අපි දෙස බලන්නත් එපා.
‘යුද්දය නිසා උතුරු නැගෙනහිර තරුණ තරුණියන් විශාල ප්‍රමාණයකට ගැටලු තියනවා අපි පළමුව ලබන මාසේ උතුරේ තරුණ තරුණියන් වෙනුවෙන් යාපනයේ සමුළුවක් පවත්වලා අනෙක් සමුළුව අපි නැගෙනහිර ප්‍රදේශයේ පවත්වන්න පියවර ගන්නවා. එහිදි අපිට දෙමළ තරුණ තරුණියන්ගේ ගැටලු මොනවද කියල සාකච්ඡා කරන්න පුලුවන්,
යුද්දය නිසා තරුණ තරුණියන්ට ඇති වූ ගැටලු වලට ගතහැකි විසඳුම් මොනවද කියලා අපි සාකච්ඡා කරනවා ඊළඟ පරපුර පවත්වාගෙන යන්නනම් දැන් සිටින පරපුරේ සංස්කෘතිය ආරක්ෂා කරගත යුතුයි දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට හැකි වන්නේද තරුණ තරුණියන්ටයි ඒ නිසා උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ට ලබාදිය හැකි ආර්ථික හා සංවර්ධන විසඳුම් ලබාදීම වෙනුවෙන් තරුණ සංසදයක් ගොඩනගා ගත යුතු වන බවටද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.