උතුරු මහ ඇමැති සතුට උතුරයි


උතුරු නැගෙනහිර ජනතාවගේ ඉල්ලීම් වල ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා‍වේ යුද අපරාධ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කව්න්සලය විසින් ඉදිරිපත් කළ විමර්ශන වාර්ථාව ඉතා ගෞරවයෙන් පිළිගන්නා බවට උතුරු මහාමාත්‍ය සී වී විග්නේශ්වරන් මහතා මාධ්‍ය  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කියයි.

ප්‍රධාන අමාත්‍ය වරයා සඳහන් කොට ඇත්තේ ශ්‍රී   ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ  ගැන  ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීම සඳහා එයින් ඉදිරිපත් කර ඇති නිර්දේශය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ස්තූතියද පළ කරන බවටයි.

එමෙන්ම දිගු කාලයක් තිස්සේ තමන් ඇතුළු යුද්දයෙන් බැට කෑ උතුරු නැගෙනහිර ජනතාව විසින් ජාත්‍යන්තර විමර්ශනයක අවශ්‍යතාව පෙන්වා දුන් අතරම මේ ජාත්‍යන්තර විමර්ශන ප්‍රකාශය මගින් දෙමළ ජනතාවට සාධාරණය ඉටුවනු ඇතැයි ද ඔහු කියයි.