එෆ්.අස්ලම්
දෙමළ ජනතාවගෙන් උදුරාගත් අයිතිවාසිකම් ඔවුනට හිමිකර දෙන්නැයි බලකිරීම ජාතිවාදයක් වේදැයි තමන් ඇමැති රාජිත සේනාරත්නගෙන් ප්‍රශ්න කර සිටින බව උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය.
උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් ජාතිවාදියකු බවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයක් පිළිබඳ මාධ්‍ය හරහා අදහස් පළ කරමින් මහඇමැතිවරයා මේ බව කියා සිටියේය.
යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර දෙමළ ජනතාව තම අයිතිවාසිකම් වෙනුවෙන් බලපෑම් කරන්න ශක්තියක් නැතිව සිටියා. නමුත් පසුකාලයේ ඔවුන් ඒ අයිතිවාසිකම් වෙනුවෙන් බලකරන්න පටන් ගත්තා. දෙමළ ජනතාව සිය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන සෑම අවස්ථාවකම දකුණෙන් මෙවන් විවේචන හා අදහස් මතුවෙනවා.
දෙමළ ජනතාව සිය අයිතිවාසිකම් ඉල්ලනවා කියන්නේ රටේ බහුතර සිංහල ජනතාවට එරෙහි ස්ථාවරයක් නෙවෙයි. එහෙත් එය සිංහල ජනතාවට එරෙහි උත්සහායක් ලෙස සිතා සිටිනවා. දෙමළ ජනතාවගෙන් උදුරාගත් ඔවුන්ගේ අයිතිවාසිකම් යළි ඔවුන්ට ලබාදිය යුතුයි. ඔවුන් ඒ වෙනුවෙන් කතා කිරීම ජාතිවාදය වන්නේ කෙසේදැයි ප්‍රශ්න කරනවා යැයිද මහ ඇමතිවරයා කියා සිටියේය.