අස්ලම්
උතුරු පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශ කරන තෙක් පළාත් ප්‍රධාන ඇමැතිවරයා ඇතුළු ඇමැතිවරුන් පස් දෙනාට ආසන වෙන් කිරීමක් සිදු නොකරන ලෙස එම පළාත් සභාවේ විපක්ෂ නායක කේ.තවරාසා මහතා එම පළාත් සභාවේ සභාපති සී.වී.කේ සිවඥානම් මහතාගෙන් ඉල්ලීමක් සිදුකර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව අමාත්‍යවරුන් සභාවට සාමුහික වගකිව යුතු වුවත් වත්මන් අමාත්‍ය මණ්ඩලයෙන් එවන් සාමූහික වගකීමක් බලාපොරොත්තු විය නොහැකි බවද තවරාසා මහතා තවදුරටත් සඳහන් කර තිබේ.
උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන්ට ආසන වෙන්කිරීම සහ අමාත්‍ය මණ්ඩලය සාමූහිකව සභාවට වගකීම සම්බන්ධයෙන් පළාත් සභාවේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් තවරාසා මහතා මෙම ඉල්ලීම සිදුකළේය.
එම ලිපියෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන තවරාසා මහතා මෙසේද සඳහන් කර ඇත.
මහ ඇමැතිතිවරයා තමන්ව ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳ ටෙනීස්වරන් මහතා ඉහළ අධිකරණයට ගොනු කළ නඩුව විභාගයට ගනිමින් පසුගිය ජූනි 29 වැනි දා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් පනවනු ලැබුවා. එම අතුරු තහනම් නියෝගයෙන් ටෙනීස්වරන් මහතා තවදුරටත් අමාත්‍යධුරයේ සිටින බව පැහැදිලිවම සඳහන් වෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුකූලව පළාත් සභාවක මහ ඇමැතිවරයා ඇතුළු අමාත්‍යරුන් පස් දෙනෙකුට වැඩිය සිටිය නොහැකියි. නමුත් අද වන විට උතුරු පළාත් සභාවේ අමාත්‍යවරු 6 දෙනෙක් සිටිනවා. මෙම හේතුව මත පළාත් ආණ්ඩුකාරවරයා විසින් සිය අනුදැනුමින් තොරව අමාත්‍ය මණ්ඩල රැස්වීම නොපවත්වන ලෙසට පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත නියෝග කරල තියෙනවා.