උතුරු පළාත් ඇමැතිවරු සිව් දෙනෙක් සභා රැස්වීම වර්ජනය කරති



 
එෆ්.අස්ලම්    

                                
ඇමැතිවරයකු ඉවත් කිරීමක් පිළිබඳව සභාවට ඉදිරිපත්ව තිබු යෝජනාවකට පිළිතුරුදීම ප්‍රතික්ෂේප කරමින් ප්‍රධාන ඇමැති විග්නේෂ්වරන් ප්‍රමුඛ පළාත් ඇමැතිවරුන්  සිව්දෙනා   උතුරු පළාත් සභා රැස්වීම වර්ජනය කර තිබේ.


උතුරු පළාත් ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයාව සිටි පී.ඩෙනීෂ්වරන් මහතා දූෂණ චෝදනා එල්ල වීම මත ඔහුව පසුගිය වසරේ  ඇමැති ධූරයෙන් ඉවත් කිරිමට පසුගිය වසරේ දී පියවර ගෙන තිබුණේ ඔහු ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර තිබීම හේතුවෙනි.


මෙම ඉවත් කිරීමට එරෙහිව ඔහු විසින් අභියාචනාධිකරණයේ නඩුවක් පවරා ඇති අතර අභියාචනාධිකරණය විසින් පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත්තේ ඒ අනුවය.


මෙම ගැටළුව සම්බන්ධයෙන් පළාත් සභාව සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා විශේෂ පළාත්  සභා සැසිවාරයක් ඊයේ කැදවා තිබුණු අතර එම සැසිවාරය පළාත් සභාවේ සභාපති සී.වී.කේ.සිවඥනම් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.


අධිකරණයේ නඩුවක් විභාග වීමත් තමන් වෙනත් රාජකාරියක් සඳහා සහභාගී වීමත් වශයෙන් ලිඛිත හේතු දැක්වීමක් සඳහන් කරමින් පළාත්  ප්‍රධාන ඇමැති සී.වි.විග්නේෂ්වරන් මහතා සභාව වර්ජනය කළහ.


මීට අමතරව පළාත් ඇමැතිනී ආනන්දි ශෂිධරන්,අධ්‍යාපන ඇමැති කේ.සර්වේෂ්වරන් ද මෙම සැසිවාරය වර්ජනය කළහ.


මේ අනුව විවාදය සිදු නොවුණු අතර එහිදී සභාපතිවරයා මහ ඇමැතිවරයා ප්‍රමුඛ ඇමැති මණ්ඩලය දැඩිව දෝෂදර්ශනයට ලක් කරමින් සඳහන් කර සිටියේ පළාත් සභාව විසුරුවා හැරීමට මාස 4ක පමණ කාලයක් තිබියදී කිසියම් පාර්ශවයක් පළාත් සභාව අරාජික කිරීමේ උත්සහායක නිරතව සිටින බවයි.