උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මානව හිමිකම් ගැන කළ ප්‍රකාශය වැරදියි


(හර්ෂණ තුෂාර සිල්වා)

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ වාර්තාව සහ තමන් ප්‍රකාශ කරන ලද අදහස් වැරැදි ලෙස අර්ථකතනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාව සහ ඇය කරන ලද ප්‍රකාශවල අඩුපාඩු සහ වැරැදි රැසක් තිබූ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා කොළඹ දී ඉකුත් දා පැවැති මාධ්‍ය හමුවකදී කීවේය. 

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කරන ලද ප්‍රකාශ කිසිවක් සත්‍ය නැතැයි ද එසේ නොමැති නම් මාධ්‍ය ආණ්ඩුකාරවරයාගේ අදහස් නිවැරදිව වටහා ගෙන නැතැයි ද ඇය සිය නිවේදනයේ සඳහන් කර ඇත.

තමන් සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමඟ පැවැති සාකච්ඡාව උඩු යටිකුරු කිරීම තමන් දැඩි ලෙස කලකිරී ඇති බව ද ඇය සඳහන් කර තිබේ.

ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කරන ලද වාර්තාව සහ තමන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරන ලද වාචික ප්‍රකාශය සත්‍ය බවත් වාර්තාව සහ ප්‍රකාශය සත්‍ය සහ සාධාරණ බවත් ඇය තවදුරටත් සිය නිවේදනයේ සඳහන් කර ඇත.