
(අංජුල මහික වීරරත්න)
ඉදිරි වසර තුන ඇතුලත උතුරු හා නැගෙනහිර පළාත් වල ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
එම පළාත්වල මේ වනවිට අවතැන්වූ පවුල් 274,120ට අයත් පුද්ගලයන් 917,143 දෙනකු පදිංචිකර අවසන් බව අමාත්‍යවරයා කීය. ඒ අනුව තවදුරටත් පවුල් 1,701ට අයත් පුද්ගලයන් 4,999 දෙනෙකු නැවත පදිංචි කිරීමට සිටින බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ මන්නාරම, එරුක්කලම්පෙට්ටි "Kuwait Zakath" නිවාස ගම්මානය - දෙවැනි අදියර සදහා මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
මෙම නිවාස ගම්මානය නිවාස 125 කින් සමන්විත වන අතර මෙය ඉදි කෙරෙන්නේ “කුවේට් සකාත් හවුස්” ආයතනයේ මූල්‍යාධාර මතයි.

