සිරාජ් හසීම්
එක්සත් ලංකාවක් තුළ වූ පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කෙරෙන ෆෙඩරල් පාලන ක්‍රමයක් තුළින් උතුරේ අර්බුදයට ස්ථීර දේශපාලන විසදුමක් හිමිකර දෙන බවට දෙමළ ජාතික සන්ධානය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් සහතික වී තිබේ.
එමෙන්ම උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ විය යුතු බවටත් නැගෙනහිර මුස්ලිම් ජනතාව වෙනුවෙන් වෙනම පරිපාලන කලාපයක් ඇතිකළ යුතු බවටත් ප්‍රතිපත්තිප්‍රකාශනය තුළින් තවදුරටත් අවධාරණය කර ඇත.
එක්සත් ලංකාවක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ගෙන එන මෙම විසදුම තුළින් මුදල්, පොලිස්, ඉඩම්, පරිපාලන බලතල ඇතුළු පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කිරීමක් සිදුවන බවත් මෙලෙස විමධ්‍යගත කෙරෙන බලතල මධ්‍යම රජය වෙත නැවත පවරාගත නොහැකි වන ආකාරයෙන් සිදුවන බවත් දෙමළ ජාතික සන්ධානය තවදුරටත් සදහන් කර ඇත.
එමෙන්ම ආරක්ෂක හමුදාව බාරයේ ඇති දෙමළ ජනතාවගේ ඉඩම් නිදහස් කරගැනීමට සහ ඒවායෙහි නැවත පදිංචි කිරීමටත් පළාතේ සංවර්ධන හා අධ්‍යාපන කටයුතු විධිමත්ව සිදුකිරීමටත් පියවර ගන්නා බවද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තවදුරටත් සදහන් කර ඇත.

