තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පී. ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කර ඇති අතුරු නියෝගය ලබන 24 වැනිදා තෙක් තවදුරටත් දීරඝ කිරීමට අභියාචනාධිකරණය අද (09) තීන්දු කළේය.
තමන්ව අමාත්‍ය ධූරයෙන් නෙරපීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා ගොනු කළ රිට් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙම අතුරු නියෝගය දීර්ඝ කළේය.
කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය සහ ජනක් ද සිල්වා මහතා ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම කැඳවිණි.
තවද නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ලබන 23 වැනිදා හෝ ඊට පෙර ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද අධිකරණය වගඋත්තරකාර උතුරු පළාත් අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියම කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස උතුරු පළාත් මහ ඇමති සී.වී විග්නේෂ්වරන් ,උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.