උතුරු දේශපාලකයන් ආරක්ෂා කරන්නේ සිංහල පොලිස් නිලධාරීන්


උතුරු පළාතේ ද්‍රවිඩ දේශපාලන නායකයින්ගේ ආරක්ෂාව සපයන්නේ සිංහල පොලිස් නිලධාරීන් බවත් මෙම ක‍්‍රියාවම සහජීවනයට හොඳ මාවතක් බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.
 
ද්‍රවිඩ දේශපාලන නායකයින් සිංහල පොලස් නිලධාරීන් විශ්වාස කරන තරම් දමිළ පොලිස් නිලධාරීන් විශ්වාස නොකිරීම පිළිබඳව සොයා බැලිය යුතු බවද ඔහු කීවේය.
 
යාපනයේ කයිට්ස් ප‍්‍රදේශයේ පිහිටි කරම්පන් ජැටියේ සිට එළුවතිව් හා අනලාතිව් දූපත් වල ජීවත්වන ජනතාවගේ ප‍්‍රවාහන පහසුකම් ඉටුකිරීම සඳහා නාවික හමුදාවේ පූර්ණ සහයෝගයෙන් එළුවතිව් හා අනලාතිව් දූපත් අතර මගී ප‍්‍රවාහන බෝට්ටු සේවාවක් උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ විය. 
 
හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර එච්. ජී. එම්. සී. පලිහක්කාර මහතාගේ සංකල්පයකට අනුව මෙම යාත‍්‍රාව ලබාදීමට කටයුතු සූදානම් කරතිබූ අතර මේ සඳහා මිලියන 132ක් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයෙන් වෙන් කරන ලදී.