සෝල්හිදීය (රොයිටර්)
සාම සාකච්ඡා සඳහා උතුරු කොරියාවට පැමිණෙන්නැයි එරට නායක කිම් ජොන්ග් උන්ග් දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් වෙත ආරාධනා කර ඇතැයි දකුණු කොරියානු බලධාරීහූ පවසති.
ඒ අනුව දෙරටේ නායකයන් දෙදෙනා අතර සාකච්ඡා පැවත්වුවහොත් වසර 10කට පසු කොරියානු නායකයන් දෙදෙනා හමු වී සාකච්ඡා පවත්වන පළමු අවස්ථාව මෙය වනු ඇත.
දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් පසුගිය වසරේදී බලයට පත්වූයේ ද උතුරු කොරියාව සමඟ සාමකාමී ප්‍රවේශයකට පිවිසෙන බව ප්‍රකාශ කරමිනි.
උතුරු කොරියානු ජනාධිපතිවරයාගේ ආරාධනය දකුණු කොරියානු ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇත්තේ, ශීත ඍතු ඔලිම්පික් උලෙළට සහභාගීවීම සඳහා පැමිණි උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ නැගෙණිය වන කිම් යෝ ජොන්ග්ය.
“උතුරු කොරියානු ජනාධිපතිවරයාට මා මුණ ගැසීමට අවශ්‍ය වී තිබෙනවා. අපි ඉක්මනින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමු” යැයි දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් පවසා තිබේ.
ජනාධිපතිවරයා උතුරු කොරියානු නායකයාගේ ආරාධනයා පිළිගත් බව දකුණු කොරියානු ජනාධිපති මන්දිර ප්‍රකාශයෙක් කීය.
අවසන් වරට දෙරටේ නායකයන් දෙදෙනකු මුණ ගැසුණේ 2007 වසරේදීය.
055