උතුරු කොරියානු නායකයා හමුවීම ට්‍රම්ප් අවලංගු කරයි


වොෂින්ටන්හිදීය (රොයිටර්)

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සමග ලබන මස 12 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතව තිබූ ඓතිහාසික හමුව අවලංගු කරන බව ඇමෙරිකා එක්සත් ජනපද ඩොනල්ඞ් ට්‍රම්ප් අද, බ්‍රහස්පතින්දා (24) නිවේදනය කළේය. 

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ට ලිපියක් යවමින් ඇමෙරිකා ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කර තිබේ.

“ඔබ මෑතකදී කරන ලද ප්‍රකාශවලින් දැඩි තරහක් සහ විවෘතව එදිරිවාදිකම් පෑම නිසා දීර්ඝ කාලයක් සැලැසුම් කළ මෙම හමුව මේ අවස්ථාවේදී පැවැත්වීම නුසුදුසු යැයි මට හැඟෙනවා” ඇමෙරිකා ජනාධිපතිවරයා තම ලිපියේ සඳහන් කර තිබේ.

055