උතුරු ආණ්ඩුකාරයාගේ නියෝගයෙන් අධ්‍යාපන අමාත්‍යංශය අමාරුවේ


(රංජන් කස්තුරි )
 
තෛයිපොන්ගල්  උත්සවය වෙනුවෙන්  රට පුරා දෙමළ මාධ්‍ය පාසල් වසා තැබීම සම්බන්ධයෙන්  ආණුඩුකාරවරුන් හා අධ්‍යාපන අමාත්‍යංශය අතර අවුල් සහගත තත්ත්වයක්  නිර්මාණය වී තිබේ.


තෛයිපොන්ගල්  උත්සවය වෙනුවෙන්  මීට පෙර මෙවැනි නිවාඩුවක් ලබා දී නොමැති හෙයින් උතුර,නැගෙනහිර සහ මධ්‍යම යන පළාත්වල  ආණුකාරවරුන්  හා අධ්‍යාපන  අමාත්‍යංශ අතර  ගැටළු සහගත තත්ත්වයක්  උද්ගතව ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.


ෙතෛයිපොන්ගල් නිමිත්තෙන් සඳුදා ( 14) උතුරු පළාතේ සියලු පාසල් වසා දමන්නැයි  උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා එම පළාත් ලේකම්වරයාට නියෝග කර තිබු අතර  එවැන්නැක් කිරීමට පෙර  රේඛිය අමාත්‍යංශයේ කිසිදු විමසීමක් කර නැතැයිද සඳහන් වේ.