(ආරියරත්න රණණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
උතුරේ හෝ නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කිරීමට හෝ භට පිරිස් අඩු කිරීමට හෝ හමුදාවට රජය කිසිඳු උපදෙසක් දී නැතැයි රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
දෙමළ ඩයස්පෝරාවේ හෝ ජාත්‍යන්තර බලපෑම් නිසා හෝ මෙවැනි තීරණයක් නොගත් බව කී රාජ්‍ය අමාත්‍යවරයා මෙය හුදෙක් 54හමුදාවේ අභන්තර පරිපාලනමය අවශ්‍යතාවක් මත හමුදාව ගත් තීරණයක් යැයිද කීය.
ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන සහ විමල් වීරවංශ යන මහත්වරු හමුදා කඳවුරු ඉවක් කිරීම සම්බන්ධයෙන් සම්බනධයෙන් රජය ගත් ථීරණය සම්බනධයෙන් විමසා සිටි අවස්ථාවේදී ඊඨ පිලිතුරු දුන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.