(රොමේෂ් මධුෂංඛ)
කොළඹ සිට යාපනය කන්කසන්තුරෙයි දක්වා ධාවනය වෙමින් තිබූ අති සුඛෝපභෝගී දුම්රියක එන්ජිමක් අද(15) දහවල් 12.30 ට පමණ යාපනය චාවකච්චෙරි ප්‍රදේශයේදී හදිසියේම ගිනි ගෙන ඇත.
ගින්නෙන් මගීන්ට හානියක් සිදු නොවූ බව යාපනය දුම්රිය ස්ථාන ආරංචි පවසයි.
ගින්නත් සමගම දුම්රිය එම අව්සථාවේදීම නවතා ඇති අතර බියට පත් මගීන් සිය ගමන් මලුද රැගෙන දුම්රියෙන් බැස ඇති අතර පසුව දුම්රිය රියදුරු හා සහයකයා විසින් යාපනය ගිනි නිවීමේ ඒකකයට මේ බව දැනුම් දී ඇත.
දුම්රිය එන්ජිමේ ගින්න හට ගත් අවස්ථාවේදී යාපනය බලා ගමන්ගත් සාමාන්‍ය වැසියන්ට අමතරව විදේශිකයින් රැසක්ද දුම්රිය තුළ සිට ඇති අතර දුම්රියේ රියදුරු හා සහායකයා වහාම දුම්රිය ආරක්ෂිත ස්ථානයක නවත්වා සිද්ධිය පිළිබඳව දැනුම් දීමෙන් පසු ගිනි නිවන රථ හා ප්‍රදේශවාසීන් පැමිණ ගින්න මැඩ පවත්වා තිබේ.
මෙම ගින්න හටගෙන ඇත්තේ දුම්රිය එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයකින් බවට විශ්වාස කෙරෙන අතර ගින්න නිවා දැමීමෙන් පසුව පැය එකහමාරක පමණ කාලයක් ප්‍රමාද වී දුම්රිය නැවත යාපනය බලා ගමන් කොට තිබෙන අතරම යාපනය දුම්රිය ස්ථාන බලධාරීන් විසින් ගින්න ඇතිවීමට හේතුව සෙවීම සඳහා පරික්ෂණයක්ද ආරම්භ කොට ඇත.




