ඉන්දිකා රාමනායක
උත්සව සමයේ භාණ්ඩ මිළ දී ගැනීම සඳහා පිටකොටුවට පැමිණෙන ජනතාව සොරුන්ගෙන් හා ගැටකපන්නන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අද (15) විශේෂ අපරාධ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.
මේ සඳහා පිටකොටුව , කොටුව යන පොලිස් ස්ථානවල නිලධාරීන්ට අමතරව කොළඹ අවට හා පිට පළාත් වල පොලිස් නිලධාරීන් යොදවා ඇති බවත් ඔවුන් අතර සමාන්‍ය ඇදුමෙන් සැරසුන නිලධාරීන් ද සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
කොළඹ ප‍්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, කොළඹ මධ්‍යම කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාලිය ද සිල්වා, කොළඹ උතුර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක, කොළඹ අපරාධ කොට්ඨාසයයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කර ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා කීය.
පිටකොටුව ප‍්‍රධාන බස් නැවතුම් පොළ, ප‍්‍රධාන වීදිය කෙලින්වීදිය, 1,2,3 යන හරස් වීදි ,ඕල්කට් මාවත ඇතුලූ මගීන් ගැවසෙන ස්ථාන වන මෙම පොලිස් නිලධාරීන් ආරක්ෂාවට යොදවා ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

