උත්තරදේවී අද සිට තඹුත්තේගමත් නවත්වයි


(දයාරත්න ඇඹෝගම)
 
මෙතෙක් සීමිත ස්ථාන කිහිපයක පමණක් නවතන ලද උත්තරදේවී ශීඝ්‍රගාමී දුම්රිය  අද(15) සිට  තඹුත්තේගමදී නැවැත්වීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
 
හිටපු රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගෙන් තඹුත්තේගම වෙළඳ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් කළ ඉල්ලීමකට අනුව ඒ මහතාගේ මැදිහත්වීමෙන් මගී ප්‍රවාහන කළමනාකරණය සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යය මහින්ද අමරවීර මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම පියවර ගෙනතිබේ.
 
සෑම දිනකම කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන මෙම දුම්රිය අද(15) උදෑසන පෙරවරු 9.43ට  තඹුත්තේගම දුම්රිය ස්ථානයේ ප්‍රථම වරට නැවැත්වීය.
 
උදෑසන 9.43 ට හා පෙරවරු 11.50 ට කොළඹ කොටුවෙන් ආරම්භ වන උත්තර දේවී ශීඝ්‍රගාමී දුම්රිය නැවත සවස 3.00 ට තඹුත්තේගම දුම්රිය ස්ථානයෙන් නැවැත්වීමට කටයුතු යොදා ඇත.එම දුම්රිය ගල්ගමුව, මහව, කුරුණෑගල , පොල්ගහවෙල යන දුම්රිය ස්ථානයන්හිදී  නැවැත් වේ.

මෙම අවස්ථාවට අනුරාධපුර දුම්රිය අධිකාරී සී.පී.පී දිසානායක මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.