උත්තම මුණි දළඳා වඩම්මන මොක්පුර රන් නෞකා බලන් සකි සෙංකඩගල පුරයේ


මහනුවර ‍ඵෙතිහාසික  ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල මහා මංගල්‍යයයේ අවසන්  මහා පෙරහර සෙනසුරාදා (29)  රාත්‍රියේ වීදි සංචාරය කළේය.

පෙරහරේ කරඬුව නැදුන්ගමුවේ රාජා  හස්තියා විසින් වැඩම කරනු ලැබිණි.

අද (30) දින පෙරවරුවේ ගැටඹේ තොටේ දිය කැපිමේ චාරිත්‍රයෙන් පසු දහවල් පෙරහර මහනුවර නගරයේ වීදි සංචාරයෙන් පසුව දළඳා මාලිගාවේ ඇසල මහා මංගල්‍යයය සාර්ථකව අවසන් කළ බව ජනාධිපති මෙත්‍රිපාල සිරිසේන මහතාට සන්නසක් මගින් භාර දීමෙන් පසු ඇසල උත්සවයේ කටයුතු නිමාවට පත් කිරීම සිදුවේ.

ඇසල මහා මංගල්‍යයයේ අවසන්  මහා පෙරහර නැරඹීම සඳහා ජනපති සමග අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද පෙරහර පැමිණ සිටියහ.

පෙරහර නැරඹීම සඳහා දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර පුරවරයට පැමිණ සිටියහ.

මේ අතර ඇසල පෙරහර වෙනුවෙන් මහනුවර ගිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ දළඳා සමිඳුන් වැඳ පුදාගෙන අනතුරුව තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහ නාහිමිද ගලගම ශ්‍රී අත්ථදස්සී අස්ගිරි මහනාහිමිද බැහැ දැක පිරිකර පූජා කර ආශිර්වාද ලබාගත්තේය.

Perahara_2015830pic1 Perahara_2015830pic2 Perahara_2015830pic3 Perahara_2015830pic4 Perahara_2015830pic5 Perahara_2015830pic6 Perahara_2015830pic7 Perahara_2015830pic8 Perahara_2015830pic9