(නිශාන්ත කුමාර)
ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කළහැකි ජීව උණ්ඩ තොගයක් ලඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු අද (06) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහියංගන මහේස්ත්‍රාත් ඒ.ඒ ලක්ෂාන් මහතා නියෝග කළේය.
පොළොවේ සිට ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කළහැකි බර අවි සඳහා යොදනු ලබන සී.බී.සී වර්ගයට අයත් විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ජීව උණ්ඩ හැත්තෑ තුනක් ඇතුළු ජීව උණ්ඩ 346 ක්, යකඩ බැරල් දෙකක් ඇතුලු භාණ්ඩ තොගයක් සමඟ සැකකරුවෙකු ඊයේ (05) රිදීමාලියද්ද කුරුවිතැන්න තඹගොඩ ප්‍රදේශයේදී රිදීමාලියද්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත්ව ඇත්තේ රිදීමාලියද්ද කුරුවිතැන්න තඹගොඩ ප්‍රදේශයේ පදිංචි නිවාඩු ලබා පැමිණී 35 හැවිරිදි යුද හමුදා සෙබලෙකි.

