(මනෝප‍්‍රිය ගුණසේකර)
උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුවේ සාක්‍ෂිකරු වන රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අධිකරණයට නොපැමිණීම හේතුවෙන් නඩු විභාගය ලබන නොවැම්බර් 27 වැනිදා තෙක් කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (24) තීරණය කළේය.
සොරකම් කළ අලි පැටවකු විහාරස්ථානයේ තබාගෙන සිටි බවට ඒ හිමියන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
රාජ්‍යතාන්ත‍්‍රික කටයුතු කිරීමට අවශ්‍ය බව සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවීමට අවශ්‍ය හෙයින් අද අධිකරණයට පැමිණීමට හැකියාවක් නොමැති බවට නියෝජ්‍ය අමාත්‍යවරයා කළ දැනුම්දීම පිළිගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.

