උඩුවේ හිමිගේ නඩුව ජනවාරි 05 සිට


(නිමන්ති රණසිංහ)

පොල්හේන්ගොඩ ඇලන් මැතිණීයාරාමය තුළ අධික ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිත කරමින් විවිධ තැටි ප‍්‍රචාරය කිරීමෙන් මහජන පීඩාවක් ඇතිවන බවට චෝදනා ලැබ සිටින පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුව ලබන ජනවාරි 05 වැනිදා සිට විභාගයට ගැනීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය අද (06) තීරණය කළාය.

මෙම සිද්ධියට අදාළව පැමිනිල්ල විසින් සමථයක් සදහා කැමැත්ත පල කර සිටින බවට එහි නිතීඥවරුන් අධිකරණයට දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළද මෙතෙක් දෙපාර්ශ්වයේ ම සමථයක් නොමැති බැවින් ලබන ජනවාරි මස සිට නඩුව දිගටම විභාග කිරීම සඳහා මෙලෙස නඩුව කල් තැබීය.

ඒ අනුව ලබන ජනවාරි 5 වැනිදා ලබන පෙබරවාරි මස 12 වැනිදා සහ මාර්තු මස 15 වැනිදා යන දිනයන් හිදී මෙම නඩුව විභාගයට ගනු ලබන බවට අධිකරණය විසින් දින නියම කරනු ලැබීය.