(ඉන්දිකා රාමනායක)
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනත උල්ලංඝනය කරමින් උඩුදුම්බර මහනුවර ප‍්‍රධාන මාර්ගයේ පෝස්ටර් අලවමින් සිටි උඩුදුම්බර ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ඇතුළු සිව්දෙනෙක් පෝස්ටර් 83 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකකරු ඊයේ රාති‍්‍රයේ කැබ්රථයකින් පැමිණ උඩුදුම්බර පොලිස් වසමේ තැනින් තැන පෝස්ටර් අලවමින් සිටියදී පොලිසියට ලැබුණු තොරතුරක් මත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරුවන් එම ස්ථානයේ දී ම අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

