වන ජීවී හා වෘක්ෂලතා අාඥා පනතින් අපනයනය කිරීමට තහනම් කර අැති සුදු හඳුන් දැව තොගයක් පකිස්ථානයට ගෙන යාමට උත්සහ කළ පකිස්ථාන ජාතිකයෝ තිදෙනෙකු සහ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ පකිස්ථානයේ කරච්චි නුවර පදිංචිකරුවෝ බව රේගුව කියයි.
අත් අඩංගුවට ගනු ලැබු සුදු හඳුන් දැව තොගයේ බර කිලෝග්‍රෑම් 192 යි ග්‍රෑම් 400 කි. එහි වටිනාකම රුපියල් තුන් ලක්ෂ අසුහතර දාස් අටසීයක් බව රේගුව ගණන් බලා ඇත.
මොවුහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 183 දරණ ගුවන් යානයෙන් පකිස්ථානයේ කරච්චි නුවර බලා යාමට කටුනායකට පැමිණ සිටියදී රේගු නිලධාරීන්ට ඇති වු සැකයක් මත පරීක්ෂා කර ඇත.
එම අවස්ථාවේ මොවුන් පවසා ඇත්තේ තමන් පකිස්ථානයට බුලත් ගෙන යන බවයි.
කෙසේ වෙතත් රේගුව පවසන්නේ මොවුහු බුලත් ගෙන යන මුවාවෙන් රේගුව රවටා මෙම සුදු හඳුන් දැව රැගෙන යාමට උත්සහ කර ඇති බවයි.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂිකා ලෝෂිනී පීරිස් සහ රේගු ජෛව විවිධත්ව සහ ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ අධීක්ෂනය යටතේ ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිදු කරති.

