(රංජන් කස්තුරි)
මහරගම නගර සභාවේ උඩහමුල්ල කොට්ඨාසයට පාලක ස්වාධීන කණ්ඩායමට තේරීපත් වු ගල්කන්ද ආරච්චිගේ සිසිර මහතා වෙනුවට සරත් අබේගුණවර්ධන මහතා පත්වී තිබේ.
උඩහමුල්ල කොට්ඨාසයට තෙරීපත්වු ජී. සිසිර මහතා දිවුරුම් දී හෝ ප්‍රතිඥාව අත්සන් නොකිරීම නිසා එම මන්ත්‍රීධුරය පුරප්පාඩු වු බවද ඒ වෙනුවට ස්වාධීන කණ්ඩායමේ නායකයාගේ දැනුම්දීම මත සරත් අබේගුණවර්ධන මහතා පත්කළ බවද මහරගම නගර සභාවේ තේරීම්භාර නිලධාරී එස්. ඩී. එස්. ඒ රූපසිංහ මහතා සඳහන් කරයි.