උඩවලවේ ගමක් ලන්ඩනයේ


ලන්ඩනයේ ට්වයික්‍රොස් සතුන් වත්තේ ‘උඩවළවේ අලිගම’ පළමුවැනි සංවත්සරයට ආ ලන්ඩන් වැසියන් බොහෝ දෙනා පැවැසූයේ ශ්‍රී ලංකාවේ සිටින බව දැනුණු බවයි. රුපියල් 17 කෝටියක වියදමින් මේ අලිගම නිර්මාණය කැර ඇත්තේ ශ්‍රී ලංකා සත්වවේදියකු වන වසන්ත නුගේගොඩයි. සංවත්සර උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ බි‍්‍රතාන්‍ය අධ්‍යක්‍ෂ සන්ජික පෙරේරා දේශීය නැටුම් ගැයුම් හා වැයුම් ඇතුළත් උත්සවයක් සංවිධානය කෙළේය. එහි උඩවලවේ ආදර්ශ පාසලක්. කෝපි කඩයක්, ගණදෙවි කෝවිලක් හා කුඩා වැවක් නිර්මාණය කැර ඇත.