අධික සීතල නිසා බදුල්ලේ තේ දලු නෙලීම අඩාල වී ඇතැයි වතු අධිකාරීවරු කියති.
හල්දුම්මුල්ල, හපුතලේ, බණ්ඩාරවෙල, ඇටැම්පිටිය, බදුල්ල, පස්සර හා මඩොල්සිම තේවතුවල තේදළු නෙලන්නියන්ගේ පැමිණීම පහත බැස තිබිණි.
නුවරඑළියේ ද මෑතදී උෂ්ණත්වය සෙල්සියස් අංශක අට දක්වා පහත වැටී තිබිණි.