උඩරට මඟේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට


(රංජිත් රාජපක්ෂ    )               

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කළ භාණ්ඩ සහ මගි ප්‍රවාහන දුම්රියක් පිලි පැනිමෙන් ඇණහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන යලි යථා තත්ත්වයට පත් කල බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ සහ මගි ප්‍රවාහන දුම්රිය ඊ යේ (30) තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන දෙක අතර 117 වෙනි සැතපුම් කණුව අසල හොලිරුඩ් වත්ත ප්‍රදේශයේදි  පිලි පැනිමට ලක් විය.

පිලි පැනිමට ලක් වු දුම්රියේ එන්ජිම සහ මගි ප්‍රවාහන මැදිරි දෙකක් පිලි පැනිමට ලක් වි තිබු අතර , පිලි පැනිමට ලක් වු දුම්රියේ එන්ජිම සහ මගි ප්‍රවාහන මැදිරි දෙක පිලිගත කර අවසන් වන තෙක් උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගත් අනෙකුත් දුම්රියන් දුම්රිය පිලි පැන තිබු ස්ථානය වෙත ධාවනය කර දුම්රියන් දෙකේ ගමන් ගත් මගින් දුම්රියන් වෙත මාරු කර මගින්ව සිය ගමනාන්තය දක්වා යැවිමට පියවර ගත් බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ නිලධාරින් පැවසිය.