(පාලිත ආරියවංශ)
උඩරට දුම්රිය මාර්ගයට බණ්ඩාරවෙල සහ කිනිගම අතර 161/12 කි.මී. කනුව අසලදී අද (21) අලුයම් කාලයේ විශාල ගලක් කඩා වැටීම නිසා බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට තිබු උඩරට මැණිකේ දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
මේ අතර ඊයේ (20) සවස කොළඹ කොටුවෙන් පිටත්වු රාත්‍රී තැපැල් දුම්රිය ද බණ්ඩාරවෙල දක්වා පමණක් ධාවනය කිරිමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි .
ඡායාරුප - ගාමිණි බණ්ඩාර ඉලංගතිලක





