
(සමන් පාලිත නානායක්කාර)
උඩරට දුම්රිය මාර්ගයට බණ්ඩාරවෙල හීල්ඔය දුම්රිය ස්ථාන දෙක අතර 161 වැනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී අද 29 දහවල් පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට නැවතත් බාධා එල්ල වී ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ ස්ථාන භාර නිලධාරී ධම්මික හේරත් මහතා පැවසීය.
පවතින ධාරාණිපාත වර්ෂාව සමග දුම්රිය මාර්ගයට පස් කදු කඩා තිබේ.
අද උදෑසන අටයි තිහට පමණ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පොඩි මැණිකේ දුම්රිය හාලිඇල බදුල්ල අතර දී පීලි පැනීමට ලක්වීමෙන් පසු උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබූ අතර එය නැවත පිළිගත කිරීමෙන් අනතුරුව බණ්ඩාරවෙල හීල් ඔය අතර නාය ගොස් යළිත් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මේ හේතුව නිසා උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිත සියළු දුම්රිය ගමන් වාර බෙහෙවින් ප්‍රමාද විය හැකි බවද දුම්රිය පාලක මැදිරිය පැවසීය.

