උඩරට දුම්රිය මාර්ගයට කසල කන්දක් කඩා වැටෙයි


 

( රංජිත් රාජපක්ෂ)                  

උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්වා ගැනිමට හැකි වු බව හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ ඉංජිනේරුවරයා පැවසිය.

හැටන් වටරවුම් මාර්ගයේ පදිංචිකරුවන් විසින් දුම්රිය මාර්ගයට ඉහල අක්‍රමවත් ආකාරයෙන් දිනපතා විශාල වශයෙන් කැලි කසල බැහැර කරන බවත්, පවතින අධික වර්ෂාවත් සමග අද (27) එම කසල කන්ද දුම්රිය මාර්ගයට කඩා වැටි ඇත.

එම අවස්තාවේ දුම්රිය මාර්ග සංචාරක මුරකරු දැක ඒ පිලිබදව තම කාර්යාලය දැනුවත් කිරිමෙන් පසු නානුඔය සිට කොළඹ දක්වා ධාවනය වු මගි ප්‍රවාහන දුම්රියක් නතර කර දුම්රිය මාර්ගයට වැටි තිබු කසල කන්ද කපා ඉවත් කිරිමෙන් පසු එම දුම්රිය කොළඹ දක්වා ධාවනය කල බව ඉංජිනේරුවරයා කියා සිටියේය.

මිට ප්‍රථමද මෙවැනි ආකාරයට කසල කන්දක් ධාවනය වෙමින් තිබු දුම්රියක් මතට කඩා වැටිමෙන් දුම්රිය එන්ජිමට හානි සිදු වු බවයි එම නිලධාරියා කියා සිටියේය.