(ප්‍රසාද් රුක්මල් )
හපුතලේ දියතලාව දුම්රිය ස්ථාන අතර 155/25 සැතපුම් කණුව අසලදී ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (19) පෙරවරුවේ යථා තත්වයට පත් කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
පවතින වර්ෂාවත් සමඟ අද (19) අලුයම හපුතලේ දියතලාව දුම්රිය ස්ථාන අතර 155/25 සැතපුම් කණුව අසලදී දුම්රිය මාර්ගයට ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ දුම්රිය ධාවනයට බාධා සිදුව තිබිණ .
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඔහිය දුම්රිය මාර්ග අධීක්ෂණ කළමනාකරු එන්.සී.මනිමේන්ද්‍ර මහතාගේ මෙහෙයවීම මත ඔහීය දුම්රිය මාර්ග අංශයේ තාක්ෂණ ශිල්පීන් විසින් දුම්රිය මාර්ගයට කඩා වැටී තිබූ ගල්පර්වත පස්කදු ඉවත් කරනු ලැබූහ .

