පස් කඳු කඩා වැටීමෙන් අවහිර වූ බදුල්ල බණ්ඩාරවෙල දුම්රිය මාර්ගය යථාතත්ත්වයට පත්කිරීමට තව දින තුනක් පමණ ගතවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
දිගටම වැස්ස පැවතීමත් කන්දේ ඉහළ සිට ගල් අතරින් ජලය ගලා යාමත් ගල් හා පස් ඉවත් කිරීම පමාවන දුම්රිය දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් ඉංජිනේරු නිහාල් පතිරගේ මහතා කියයි.
කඳු කඩා වැටුණු ස්ථානයට පහළින් නිවාස රැසක් පිහිටා ඇත. ගල් බෝර දමා කඩා දැමුව ද ගල් ඉවත්කිරීමේ යන්ත්‍ර එම ස්ථානයට ගෙන ඒම අපහසු වී ඇත.
මාර්ගය අවහිර වීමෙන් පසු උඩරට දුම්රිය ධාවනය වන්නේ බණ්ඩාරවෙල දක්වා පමණි. උඩරට මැණිකේ හා පොඩිමැණිකේ දුම්රිය දෙක මේ දක්වා බදුල්ල දුම්රිය ස්ථානයේ නවතා ඇත.





