උඩප්පුව මෝය කට කපයි - ගම්මුන්ගෙන් විරෝධතා


(ජුඩ් සමන්ත)

බත්තුළුඔය සහ අවට එකතු වී ඇති පිටාර ජලය බැස යාම සඳහා උඩප්පුව මෝය කපා දැමීමට ආපදා කළමනාකරණ ඒකකය පියවර ගෙන ඇත. ඒ අනුව අද (25)  සවස උඩප්පුව මෝය කපා දැමීම සිදු විය. උඩප්පුව මෝය කපා දැමීමත් සමඟ එම ප්‍රදේශය තුළ ගමනාගමන කටයුතු වලට බාධා ඇති වේ.

උඩප්පුව ප්‍රදේශයේ පිහිටි ප්‍රාදේශීය රෝහල, පොලීසිය සහ නාවික හමුදා කඳවුර ද එක් පසෙකට සීමා වේ. මෙම තත්ත්වය නිසා මෝය කට කපා දැමීමට ගම්වාසීන් විරෝධතාවය පළකර ඇත.

නමුත් සියළු විරෝධතාවයන් මධ්‍යයේ මෝය කට කපා දැමීමට නිලධාරීන් කටයුතු කරන තිබේ.
දෙකඩ වී ඇති උඩප්පුව ගම්මානය යා කිරීම සඳහා බෝට්ටු සේවයක් යෙදවීමට කටයුතු කරන බව ආපදා පුත්තලම කළමනාකරණ ඒකකය සඳහන් කළේය.

ඡායාරූප - එච්. චන්දන

ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ