රොමේෂ් මධුෂංඛ
යාපනයේ අච්චුවේලි ආවරංගල් ප්‍රදේශයේ වයස අවුරුදු 11 ක පාසල් සිසුවකු ඔහුගේ ගෙවත්තේ තිබූ අනාරක්ෂිත ළිඳට ඇද වැටීමෙන් සවස මියගොස් ඇති බවට අච්චුවෙලි පොලීසිය කියා සිටියේය.
අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි සතීස්කුමාර් ලික්ෂාන් නැමති 11 හැවිරිදි මෙම සිසුවා අච්චුවේලි රාමලිංගම් පාසලේ ඉගෙණුම ලබයි.
මෙම පාසල් දරුවා සරුංගලයක් සමඟ සෙල්ලම් කරමින් සිට ඇති අතර සරුංගලය උඩ යැවීමෙන් පසුව සරුංගලය දෙස බලමින් පිටුපසට දිව යාමේදී දරුවාට වෙත්තේ තිබූ අනාරක්ෂිත ළිඳ අමතක වී ළිඳට වැටීමෙන් මෙම මරණය සිදුව ඇති බවට අච්චුවේලි පොලීසිය කියයි.
දරුවා නිවසේ නොමැති වීමෙන් දෙමාපියන් හා ප්‍රදේශවාසීන් සෝදිසි කර බැලීමේදී සිසුවා ළිදට වැටී මියගොස් ඇති බව දැක ඇත.
මේ වන විට මිය ගිය පාසල් දරුවාගේ මළ සිරුර යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කොට ඇති බව අච්චුවේලි පොලිසිය පවසයි.

