උඩ පන්දුව මරණයකින් කෙළවර වෙයි


(ගයාන් සූරියආරච්චි)

මිනුවන්ගොඩ අලුතැපොළ ප්‍ර දේශයේ පැවැති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයකදී ක්‍රීඩකයන් දෙදෙනකු එකිනෙක හැපීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කටුවැල්ලේගම ප්‍ර දේශයේ පදිංචි ධනුෂ්ක දේවින්ද පෙරේරා නැමැති 41 හැවිරිදි පුද්ගලයෙකි.

මිනුවන්ගොඩ අලුතැපොළ වලගම්බා විදුහල් ක්‍රීඩා පිටියේ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයක් ඉකුත් දා පැවැත තිබූ අතර එහිදී උඩපන්දුවක් රැකීමට යාමේදී මියගිය පුද්ගලයා සහ තවත් ක්‍රීඩකයකු එකිනෙකා ගැටී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. එහිදී තුවාල ලැබූ පුද්ගලයා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණි.