උඩ දියලුම රාත්‍රි කූඩාරම් ගැසීම තහනම් කරයි




(ප්‍රසන්න පත්මසිරි)

ආරක්ෂක වැඩපිලිවලක් ක්‍රියාත්මක කරන තෙක් කොස්ලන්ද උඩ දියලුම සිංචාරක ප්‍රදේශයේ රාත්‍රි කුඩාරම් ඉදිකර නවාතැන් ගැනීම සංචාරකයින්ට තාවකාලිකව තහනම් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ  සභාපති එස්.අශෝක් කුමාර මහතා පැවසීය.

ඊයේ (26) වයස අවුරුදු 10ක සිසුවෙකු මෙහි වළක දිය නාමින් සිටියදී දියේ ගිලී  මිය යාමත් සමග කොස්ලන්ද පොලිසිය හා ප්‍රාදේශීය සභාව එක්ව රාත්‍රි කාලය සංචාරකයින්ට තහනම් කර තිබේ.

අති සුන්දර වු උඩ දියලුම ප්‍රදේශයේ රාත්‍රි කාලයේ කූඩාරම් ඉදිකරමින් විනෝදවන ඇතැම් සංචාරකයින් විසින් සිදුකරන පරිසර විනාශය පිළිබඳව ප්‍රදේශවාසීන් කිහිපවරක්ම පැමිණිලි කර තිබෙන බවද සභාපතිවරයා කියයි.

රාත්‍රි කාලය ගතකරන ඇතැම් සංචාරකයින් අවට පරිසරයේ මළ පහ කිරීම,ගස්වල අතු කපා ගිනි මැල ගැසීම, නොදිරන අපදව්‍ය පරිසරයට මුදාහැරීම වැනි ක්‍රියාවන් සිදුකරන බව සභාපතිවරයා කියයි.

මෙම ප්‍රදේශය පිරිසුදු කර වැසිකිළි හා පානීය ජල පහසුකම් ලබාදී ආරක්ෂක වැඩ පිළිවලක් ක්‍රියාත්මක කිරීමට ප්‍රාදේශීය සභාව කටයුතු කර තිබේ.