නිශාන්ත කුමාර
හිසේ උකුණන් වඳ කිරීම සඳහා පුද්ගලයකුගේ උපදෙස් මත බෙහෙතක් හිස ගැල්වූ කාන්තාවක් එම බෙහෙත විෂ වී අසාධ්‍ය තත්වයෙන් යුතුව අද (10) දහවල් මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇත.
හිස ගල්වන ලද ඖෂධය විෂ වීම හේතුවෙන් ඇයගේ මුහුණ දැඩි සේ ඉදිමී ඇති අතර එක් ඇසක පෙනීම මුළුමනින්ම පාහේ දුර්වල වී තිබේ.
මෙම සිද්ධීයට මුහුණ පා ඇත්තේ මීගහකිවුල ප්‍රදේශයේ 27 හැවිරිදි දෙදරු මවකි.
තම හිසේ බහුලව උකුණන් ගැවසෙන බව මෙම කාන්තාව විසින් පුද්ගලයකුට පවසා ඇති අතර උකුණන් වද කිරීම සඳහා ඔහු විසින් ඖෂධ වර්ගයක් ද මෙම කාන්තාවට ලබා දී ඇත.
ඖෂධය රැගෙන නිවසට ගිය කාන්තාව වෙදා විසින් උපදෙස් දුන් පරිදි අදාළ ඖෂධය හිස ගල්වා ඇති අතර ප්‍රතිකාරයෙන් පැය කීපයක් ගතවෙද්දී ඇයගේ හිස කසන්නට පටන්ගෙන ඇති අතර මුහුණ ඉදිමී ඇස් වැසීයාමට පටන්ගෙන තිබේ.
මද වේලාවක් ගත වෙද්දී එක් ඇසක පෙනීම ද මුළුමනින්ම දුර්වල වී ඇති අතර සිද්ධීය දුටු ප්‍රදේශවාසීහු පිරිසක් ඇය වහාම රෝහල් ගත කරන්නට පියවර ගෙන ඇත.