(අංජුල මහික වීරරත්න )
උසස්පෙළ සිසුන් සඳහා ටැබ් පරිගණක ලබා දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබි ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පැවසීය.
දිවයිනේ සියලුම පාසල්වලට කාණ්ඩ කිහිපයක් යටතේ ටැබ් පරිගණක යන්ත්‍ර ලබා දීම සඳහා මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනු කමිටුවක් පත් කර ඇතැයි ද කී අග්‍රාමාත්‍යවරයා ලබන සති දෙක ඇතුළත එම කමිටුවේ තීරණය ලැබෙනු ඇතැයිද සඳහන් කළේය.
මේ වසර අවසානයට පෙර සියලු පාසල් සඳහා මෙම ටැබ් පරිගණක යන්ත්‍ර ලබා දීම අරමුණ වී ඇතැයිද අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සහ තෙමහල් තාක්ෂණ පීඨ ගොඩනැගිල්ලත් , ගම්පහ හේමමාලි විද්‍යාලයේ දෙමහල් තාක්ෂණික ගොඩනැගිල්ලත් සිසු අයිතියට පත් කිරීමෙන් පසු පැවැති උත්සව සභාව අමතමින් මේ බව සඳහන් කළේය.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)








