(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ අ.පො.ස ( උ. පෙළ) සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ආරක්ෂක රාජකාරී සඳහා යොදවා සිටි කොස්තාපල්වරයෙකු ටි 56 රාජකාරී ගිනි අවිය එම ස්ථානයේ දමා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.
එම කොස්තාපල්වරයා තවත් කොස්තාපල්වරයකු සමග එම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ආරක්ෂක රාජකාරී සඳහා ටි 56 -1515121 දරණ අවිය හා උණ්ඩ 30 ක් සමඟ ඉකුත් (19) රාජකාරී යොදවා තිබී ඇත.
හෝමාගම මූලස්ථානය පොලිස් පරීක්ෂකවරයා විසින් එදින පැය 15 .30 ට පමණ විභාග මධ්‍යස්ථාන පරික්ෂා කිරීමේදී එම කොස්තාපල්වරයා ඔහුගේ රාජකාරී ගිනි අවිය අනෙක් පොලිස් කොස්තාපල්වරයාට භාරදී රාජකාරී ස්ථානයෙන් පිටවී ගොස් තිබූ බවට අනාවරණය වී තිබිණි.
එදිනම පැය 22.55 පොලිස් සැරයන් වරයෙකු විසින් පරික්ෂා කිරීමේදී එම නිලධාරී විසින් තම රාජකාරි ගිනි අවිය රාජකාරි ස්ථානයේ දමා පිටවී තිබී ගොස් ඇත.
පොලිස් සැරයන්වරයා විසින් එම ගිනි අවිය රැගෙන විත් උපසේවයට භාර දුන් බව පොලිසිය කියයි.

