ඊශ්‍රායල් සිහිනය බොඳ කළ රෝහල් සේවිකාව මාට්ටු


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ඊශ්‍රායලයේ  රැකියාවලට යවන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පනස් තුන් දෙනකු රවටා රුපියල් කෝටි 5 කට ආසන්න  මුදලක් වංචා කළේ යැයි කියන රෝහල් සාත්තු සේවිකාවක් රහස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින්  සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය.

අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ වරකාපොළ දොරවක ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවක බව ද පොලිසිය කියයි.

ඊශ්‍රායලයේ රැකියාවලට යවන බව පවසා මෙම  53 දෙනාගෙන් මෙම මුදල ලබාගෙන  සාපරාධී විශ්වාසය කඩ කිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සහ මුදල් විශුද්ධිකරණයට ආධාර අනුබල දුන්නේ යැයි කියමින් මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය සඳහන් කරයි.