ඊශ්‍රායල් බෞද්ධ විහාරය විසින් සංවිධානය කරන ලද වෙසක් පිංකම, විහාරාධිපති කරවිලකොටුවේ ධම්මතිලක හිමියන්ගේ අනුශාසකත්වයෙන්, කොටපොල අමර කිත්ති ස්වාමීන් වහන්සේගේ හා ඊශ්‍රායල් ජාතික භික්ෂූන් වහන්සේලා දෙනමකගේ සහභාගීත්වයෙන් ඊශ්‍රායලයේ ටෙල්අවිව් නුවර බෙද්දානි ශාලාවේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ශ්‍රීලංකා ඊශ්‍රායල් තානාපති සරත් විජේසිංහ මහතා ද, දහසකට අධික සැදැහැවතුන් පිරිසක්ද, බුරුම, පිලිපීන, තායිලන්ත, හා ඉන්දීය තානපතිවරු ද සහභාගීවූහ.

