
(විනීතා එම් ගමගේ)
ඊශ්‍රායලයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 220 ක් හා ජෝර්දානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 60 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් අද (03) පෙරවරුවේ ශ්‍රී ලංකාව බලා පිටත්විය.
ඊශ්‍රායලයේ ජාත්‍යන්තර බෙන්ගුරියන් ගුවන්තොටපලෙන් පිටත් වූ එම ශ්‍රී ලංකන් යානය අම්මාන් වෙත පියාසර කර එහි සිටින ශ්‍රී ලාංකිකයන් 60 දෙනා ද රැගෙන කටුනායක බලා පියාසර කරනු ඇත.
හෙට අලුයම එම යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ළඟාවීමට නියමිත යැයි ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉකුත් මාර්තු මාසයේ සිට සේවා කාලය අවසන්කළ පිරිස් මෙන්ම එරට දී විවිධ රෝගාබාධවලට ලක්වූ පිරිස් ද මේ අතර සිටිති.

