
(විමුක්ති එස් රුද්‍රිගු)
නවතම බ්ලූම්බර්ග් ධනපතීන්ගේ ලැයිස්තුවේ ලොව පළමු වන ස්ථානය රැක ගැනීමට ස්පේස් එක්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක් සමත්විය.
ඊලෝන් මස්ක්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 665 කි.
එම දර්ශකයේ දෙවැනි ස්ථානය ගූගල් සමාගමේ හිටපු විධායක නිලධාරී ලැරී පේජ් හිමිකරගෙන ඇති අතර ඔහුගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 291 කි. තෙවැනි ස්ථානය ඇල්ෆබට් සමාගමේ හිටපු සභාපති සර්ගේ බ්‍රින් හිමිකරගෙන ඇත. ඔහුගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 270 ක් වේ. ඇල්ෆබට් සමාගම යනු ගූගල් සමාගමේ මවු සමාගමය.
මෙවර ලැයිස්තුවේදී ආසියාවේ ධනවත්ම පුද්ගලයා වූ මුකේෂ් අම්බානි පසුකරමින් ආසියාවේ ධනවත්ම පුද්ගලයාවීමට ගෞතම් අදානිට හැකියාව ලැබී ඇත. නවතම ලැයිස්තුවට අනුව මුකේෂ් අම්බානිගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 92.5 ක් වන අතර ගෞතම් අදානිගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 94.8 කි.
බ්ලූම්බර්ග් ධනපතීන්ගේ ලැයිස්තුවේ සිවුවැනි ස්ථානය ඇමසන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසොස්ට හිමිව ඇති අතර ඔහුගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 270 ක් වේ. එසේම එහි පස්වැනි ස්ථානය මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්ට හිමිව ඇති අතර ඔහුගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 243 කි.

