ඊලියන් නානායක්කාර සමුගනී


ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයකුවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊලියන් නානායක්කාර මහතා බ්‍රහස්පතින්දා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

මිය යන විට 88 වැනි වියේ පසුවූ ඒ මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙකි. තරුණ වියේදීම දොස්තර එස්.ඒ.වික්‍රමසිංහ මහතා සමග දේශපාලනයට එක්වූ ඔහු 1970 සමගි පෙරමුණු රජය යටතේ කඹුරුපිටිය ආසනයෙන්  පාර්ලිමේන්තුවට තේරී පත්විය. දේහය පන්නිපිටිය, අතුරුගම පාරේ ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා (10) බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.