ඊජිප්තු හිටපු ජනපති හිරේ


ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් (86) රජයේ දේපොළ වංචා කළ බවට ඊජිප්තු අධිකරණය අද  හා ඔහුගේ පුතුන් දෙදෙනා වන අලාල් සහ ගමාල් තීරණය කළේය.

ඔහුට තුන් අවුරුදු සිර දඩුවමක් ද පුතුන් දෙදෙනාට අවුරුදු පහ බැගින් ද සිර දඩුවම් නියම විය.

ඇමෙරිකා ඩොලර් තිස් ලක්ෂයක (රුපියල් ලක්ෂ 3960 ) දඩයක් නියම විය. වංචා කළ ඇමෙරිකා ඩොලර් එක්කෝටි හැත්තෑ හය ලක්ෂය (රුපියල් 2 323 200 000)

 ) ගෙවන ලෙස ද නියෝග කැරිණි.

මුබාරක් දැනට කයිරෝ යුද හමුදා රෝහලේ නිවාස අඩස්සියේ පසු වෙයි.