තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක‍්‍රීඩා අංශයේ සංවිධානයෙන් කොළඹ රාජකීය විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී පැවැති ‘කාල්ටන්’ සත් සාමාජික රග්බි තරගාවලියේ (2011) දෙවැනි අදියරේ පළමු දිනය වූ පෙරේදා (5) ද අපරාජිතව සිටි දකුණ ශාර්ක්ස් පිල පරාජය කිරීමට තිබූ අවස්ථාව නැගෙනහිර ඊගල්ස් පිල වෙතින් ගිලිහි ගියේය.
අම්ජාඞ් බක්ස්ගේ දකුණ ශාර්ක්ස් පිල සහ ලසින්ද්‍ර කොස්තාගේ නැගෙනහිර ඊගල්ස් පිල අතර පැවැති තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-7 ක් ලෙස ඊගල්ස් පිල පෙරමුණ ගැනීමට සමත් විය. දෙවැනි අර්ධයේදී ඊගල්ස් පිලේ ක‍්‍රීඩකයන් දෙදෙනකු කහ කාඞ්පත් ලැබීම නිසා විනාඩියක පමණ කාලයක් ක‍්‍රීඩකයන් පස් දෙනකුගෙන් ක‍්‍රීඩා කිරීමට සිදුවීම එම කාණ්ඩායමේ පරාජයට ප‍්‍රධාන හේතුව විය.
දකුණ ශාර්ක්ස් පිල අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගනිමින් දෙවැනි අර්ධයේදී ලකුණු 19 ක් රැස්කරමින් ලකුණු 26-14 ක් ලෙස තරගය අවසන් කිරීමට සමත් විය.
දෙවැනි අදියරේ පළමු දිනය වූ පෙරේදා (5) තරග අවසන් වන විට පළමු අදියරේ ශූරයන් වූ දකුණ ශාර්ක්ස් පිල ‘ඒ’ කාණ්ඩයේ ද, අනු ශූරයන් වූ මධ්‍යම කිංග්ස් පිල ‘බී’ කාණ්ඩයේ ද පෙරමුණ ගැනීමට සමත්ව සිටියේය.
අම්ජාඞ් බක්ස්ගේ දකුණ ශාර්ක්ස් පිල තරග හතරම ජය ලබමින් අපරාජිත වාර්තා තව දුරටත් පවත්වා ගැනීමට සමත් විය.
පළමු අදියරේදී අනු ශූරයන් බවට පත්වූ මධ්‍යම කිංග්ස් පිල යෝෂිත රාජපක්‍ෂ මෙහෙයෙවන යාපනය චැලෙන්ජර්ස් පිල හමුවේ ලකුණු 21-17 ක් ලෙස පරාජයට පත්වීම කැපී පෙනුණි.
තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (6) රාත‍්‍රි පැවැත්වීමට නියමිතව තිබුණි.
තරග ප‍්‍රතිඵල
- දකුණ ශාර්ක්ස් පිල විසින් බස්නාහිර වෝරියස් පිල පරාජය කරන ලදී (45-5)
- සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් නැගෙනහිර ඊගල්ස් පිල පරජය කරන ලදී (21-12)
- මධ්‍යම කිංග්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (26-5)
- ඌව වයිපස් පිල විසින් යාපනය චැලෙන්ජර්ස් පිල පරාජය කරන ලදී (17-14)
- බස්නාහිර වෝරියස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (26-19)
- දකුණ ශාර්ක්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (27-12)
- වයඹ බ්ලැක්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්ස් පිල පරාජය කරන ලදී (27-0)
- යාපනය චැලෙන්ජර්ස් පිල විසින් මධ්‍යම කිංග්ස් පිල පරාජය කරන ලදී (21-17)
- දකුණ ශාර්ක්ස් පිල විසින් නැගෙනහිර ඊගල්ස් පිල පරාජය කරන ලදී (26-14)
- උතුර ග්ලැඩියේටර්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (19-12)
- මධ්‍යම කිංග්ස් පිල විසින් ඌව වයිපස් පිල පරාජය කරල ලදී (34-14)
- යාපනය චැලෙන්ජර්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්ස් පිල (34-21)
- බස්නාහිර වෝරියස් පිල විසින් නැගෙනහිර ඊගල්ස් පිල පරාජය කරන ලදී (22-15)
- දකුණ ශාර්ක්ස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (17-14)
- ඌව වයිපස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (7-5)
- මධ්‍යම කිංග්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්ස් පිල පරාජය කරල ලදී (26-19)