ඊ ටී එෆ් පනතේ සංශෝධන රැසක් ඉදිරියේදී


( සුජිත් හේවාජුලිගේ ) 

සාමාජිකයින්ට දෙන ප්‍රතිලාභ තවත් වැඩි කිරීමේ අරමුණින් සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල (ඊටීඑෆ්) පනතේ වැදගත් සංශෝධන  කිහිපයක්  ඉදිරියේදී කරන බව කම්කරු හා වෘත්තිය සමිති සබඳතා  ඇමැති රවීන්ද්‍ර  සමරවීර මහතා ලංකාදීපයට පැවසීය.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත්වන සිසු දරු දැරියන් නව දහසකට  මෙම අරමුදලින්  රුපියල්  දහතුන්කෝටි පනස් ලක්ෂයක මුදලක් මුදලක් වාර්ෂිකව පිරිනැමෙන බව කී අමාත්‍යවරයා  දරුවකුට මුදලින් රුපියල් 15,000 ක් පිරිනැමෙන බවද ප්‍රකාශ කළේය.

සාමුහික ගිවිසුම ක්‍රියාත්මක කර වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක්  දීමට කටයුතු කරගෙන යන බවද රවීන්ද්‍ර සමරවීර මහතා කීවේය.